පොලිස්පති දැඩි තීරණයක් ගනී.. නිලධාරින්ගේ තටු කපා ගෙදර යවයි.!

මත්ද්‍රව්‍ය භාවිතය අනාවරණය කර ගැනීමට අදාළ පරීක්ෂණයට වැඩ තහනමට ලක්ව සේවය අතහැර ගොස් සිටින හෝ වෙනත් හේතුන් මත සක්‍රීය සේවයේ නොසිට යළි සක්‍රිය සේවයට එක්වීමට නියමිත පොලිස් නිලධාරීන් පෙනී සිටිය යුතු බව වැඩබලන පොලිස්පතිවරයා සදහන් කරයි.

එම නිලධාරීන් නැවත සේවයට එක්කිරීමට පෙර පොලිස් රෝහලේදී මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධව අනාවරණය කර ගැනීමේ පරික්ෂණය සදහා අනිවාර්යයෙන් ඉදිරිපත් කළ යුතු බවත් අදාළ පරීක්ෂණය සදහා වන පිරිවැය අදාළ නිලධාරියා දැරිය යුතු බවද වැඩබලන පොලිස්පතිවරයා සදහන් කරයි.

කිසියම් නිලධාරියෙකු මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බවට අදාළ පරීක්ෂණයෙන් අනාවරණය වන්නේ නම් ඔවුන් නැවත සේවයට පිහිටුවීම හෝ නැවත සක්‍රිය සේවයට බැඳීමට අවස්ථාව ලබානොදිය යුතු බව ලිපියක් යොමුකරමින් සියලු නිලධාරීන්ට වැඩබලන පොලිස්පතිවරයා දැනුම් දී ඇත.

Loading

Tell me 💬
Notify of
guest
4 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.