අරක්කු සමාගම්වල මුදල් ගිලින අමාත්‍යංශයේ ලොක්කෝ තුනක්.!

මුදල් අමාත්‍යංශයේ නිලධාරීන් තුන්දෙනෙක් අරක්කු සමාගම් වලින් සල්ලි ගන්නා බවට හෙළිවී ඇති බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති අද (06) පාර්ලිමේන්තුවේදී සඳහන් කරයි.

අරක්කු සමාගම් වලින් සල්ලි ගන්නා එම නිලධාරින් කවුද කියා තමන් හෙට අනිද්දා හෙළිදරව් කරන බවද කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති සඳහන් කරයි.

අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති සඳහන් කළේ,

“මුදල් අමාත්‍යංශයේ ඉන්නවා සමහර නිලධාරීන් දෙන්නෙක්, තුන්දෙනෙක්. හැමෝම නෙමෙයි. දෙන්නෙක්, තුන්දෙනෙක් ඉන්නවා මේ අරක්කු කොම්පැනි වලින් සල්ලි ගන්නවා. ඒක මම හෙට අනිද්දා හෙළිදරව් කරනවා.”

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments