By unusuma.lk on
(LK time)මෙරටට පිරිසිදු කළ සහ පිරිසිදු නොකළ පොල් තෙල් ආනයනය කරන සමාගම් රැසක් තෙල් ජාවාරම් කරගෙන යන බවට තොරතුරු අනාවරණය වී ඇතැයි වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය වසන්ත සමරසිංහ සදහන් කරයි.
ඇතැම් පොල් තෙල් ආනයනකරුවන් බදු පැහැර හැරීමේ අරමුණෙන් මාස 11ක් පමණ කාලයක් තම ව්‍යාපාරය පවත්වාගෙන ගොස් ගිණුම් කටයුතු නොකර වසා දමා නැවත අලුත් නාමයක් යටතේ ව්‍යාපාර ක්ෂේත්‍රයට පිවිසෙන බවද අමාත්‍යවරයා සදහන් කරයි.
එවැනි පොල් තෙල් ජාවාරම් වැළැක්වීමට දැනට පවතින නීති ප්‍රමාණවත් නැති නම් නව නීති හඳුන්වා දීමට කටයුතු කරන බවත් ඒ අනුව පාරිභෝගික සේවා අධිකාරි පනත සංශෝධනය කිරීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා සදහන් කරයි.
පාර්ලිමේන්තුවේදී පැවැති අයවැය කාරක සභා විවාදයට එක් වෙමින් අමාත්‍ය වසන්ත සමරසිංහ මේ බව සදහන් කරයි.