By unusuma.lk on
(LK time)ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට ගත් ‘OnmaxDT’ පිරමීඩ මූල්‍ය ආයෝජන සිද්ධියට අදාළ ගයාන් වික්‍රමතිලක නම් සැකකරු මාර්තු මස (07) වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (21) දින නියෝග කර ඇත.
මෙම පිරමීඩ ජාවාරමට අදාළ වෙබ් අඩවිය නිර්මාණය කිරීම පරිගණක ඉංජිනේරුවකු වන මෙම පුද්ගලයා විසින් සිදුකර ඇති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණය හමුවේ සදහන් කරයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් ගයාන් වික්‍රමතිලක නම් සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුම මෙම නියෝගය නිකුත් කර ඇත.