බටලන්ද විවාදය එපා කියයි.!

එක්සත් ජාතික පක්ෂය ඇතුළු සජිත් ප්‍රේමදාස කණ්ඩායම බටලන්ද කොමිසමේ වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදය නොපැවැත්වීම පිණිස කටයුතු කරනා බව නලින්ද ජයතිස්ස මහතා පවසයි.

එමෙන්ම බටලන්ද ගැන ප්‍රකාශයක් සිදුකළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ සඳහා දැන් ප්‍රමාද වැඩි බවත්, එය සිදුකිරීමට ඔහුට පසුගිය අවුරු 35ක කාලයම තිබුණු බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

බටලන්ද කොමිෂන් සභා වාර්තාව ගැන හිටපු ජනාධිපතිවරයා සිදු කළ ප්‍රකාශයට ගැන අද (16) මාධ්‍ය වෙත අදහස් පළ කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

“බටලන්ද ගැන අලගිය, මුලගිය, වැලගිය තැන් සේරම දන්න කෙනෙක් තමයි රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා. බටලන්ද ගැන රනිල් වික්‍රමසිංහ අද නෙවෙයි ප්‍රකාශ කරන්න තිබුණේ. පසුගිය අවුරුදු 35ම තිබුණා ඔහුට බටලන්ද ගැන කියන්න. අල් ජසීරා එකේ මේ සිදුවීම උඩට අරගෙන රනිල්ගෙන් මේක ප්‍රශ්න කරනතාක් කල් රනිල් මුකුත් කියන්න ආවේ නෑනේ බටලන්ද ගැන. ඉතින් අපි දැන් කියපු හැටියෙම මේ ගැන පාර්ලිමේන්තුවේ සභාගත කළා.

ඒ වගේම අපි මේ සම්බන්ධයෙන් කමිටුවක් පත් කරනවා. ඒ වගේම නීතිපති දෙපාර්තමේන්තුවට යවන්න අපි තීන්දුවක් අරන් තිබෙනවා. අනිත් පැත්තෙන් අප්‍රේල් 10 වැනිදාට මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වෙනවා. මැයි මාසයේ තව දවසක විවාදයක් පැවැත්වෙනවා. මේ විවාදය ගත්තේ ටිකක් අමාරුවෙන් තමයි.

එක්සත් ජාතික පක්ෂයත්, සජිත් ප්‍රේමදාස කණ්ඩායමත් මේ විවාදය නොදෙන්න තමයි පාර්ලිමේන්තුවේදී කටයුතු කළේ. ඔවුන්ගේ පැත්තෙන් අදහස් ප්‍රකාශ වුණේ මේ විවාදය එපා කියන පැත්තට. අපි මේ විවාදය පවත්වනවා. මම හිතනවා රනිල් වික්‍රමසිංහ දැන් ප්‍රමාද වැඩියි. “

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.

0
Would love your thoughts, please comment.x
()
x