මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවේ කෑම එපා වෙයි.!

නව ආණ්ඩුව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දෛනික ආහාර මිල ගණන් රුපියල් දෙදහසක් දක්වා වැඩි කිරීමෙන් පසුව මන්ත්‍රීවරු භෝජනාගාරයෙන් ආහාර ගැනීම යම් මට්ටමකට අඩු වී ඇති බව වාර්තා වේ.

පාර්ලිමේන්තු ආපන ශාලාවේ මන්ත්‍රීවරයකුගේ දිනක ආහාර වේල මුලින් පැවතියේ රුපියල් 450කට වන අතර නව ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව එම මුදල රුපියල් 2000ක් දක්වා වැඩි කළේය.

නව මිල ගණන් හමුවේ කොළඹ මන්ත්‍රීවරු බොහෝ දෙනකු උදෑසන නිවෙස් වලින් ආහාර ගෙන පැමිණෙන අතර පසුව දවල් ආහාරය සදහා නිවෙස්වලට යන බවත් තවත් සමහර මන්ත්‍රීවරුන් දවල් ආහාරය රැගෙන එන බවද වාර්තා වේ.

තවත් මන්ත්‍රීවරුන් උදෑසන ආහාරය සහ තේ පානය සමග කෙටි කෑම පමණක් ගන්නා බවත් තවත් මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු පාර්ලිමේන්තු භෝජනාගාරයෙන් තේ එකක් හෝ කැඳ එකක් පමණක් පානය කරන බව වාර්තා වේ.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආහාර බිල වැඩි කළද ඉන් ආවරණය කෙරෙන්නේ ඒ අමුද්‍රව්‍ය සදහා යන වියදම පමණක් බව පාර්ලිමේන්තුවේ භෝජනාගාර අංශය සදහන් කරයි.

Loading

We are happy to invite you.