By unusuma.lk on
(LK time)එළැඹෙන ජුනි (01) වැනිදා සිට පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ ආහාර සඳහා වන මිල ගණන් ප්‍රතිශෝධනය කිරීමට පාර්ලිමේන්තු ගෘහ කාරක සභා රැස්වීමේදී තීරණය කර ඇත.
ඒ අනුව පාර්ලිමේන්තුවේ විධායක ශ්‍රේණියේ නිලධාරීන්ගේ සහ විධායක නොව කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ ආහාර සඳහා අයකරනු ලබන ගාස්තුව ප්‍රතිශෝධනය කර ඇත.
විධායක ශ්‍රේණියේ නිලධාරියෙකු සඳහා මාසිකව රුපියල් 4,000ත් සහ විධායක නොවන කාර්ය මණ්ඩල සාමාජිකයෙකු සඳහා මාසිකව රුපියල් 2,500ක් අය කිරීමට තීරණය කර ඇත.
පාර්ලිමේන්තු මහජන භෝජනාගාරයෙන් ආහාර මිලදී ගන්නා ගරු මන්ත්‍රීවරයන්ගේ රියදුරන්, පොලිස් නිලධාරීන්, ජනාධිපති/අග්‍රාමාත්‍ය ආරක්ෂක අංශවල නිලධාරීන්ගේ සහ මාධ්‍යවේදීන්ගෙන් දැනට අය කරනු ලබන ආහාර සඳහා වන ගාස්තු තවදුරටත් නොවෙනස්ව පැවතිය යුතු බවට තීරණය කර ඇත.
කාර්ය මණ්ඩලයට සපයනු ලබන ආහාරවල පිරිවැය ආවරණය කිරීම සම්බන්ධයෙන් භාණ්ඩාගාරය විසින් කරනු ලබන නිර්දේශ පදනම් කර ගනිමින් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය කරනු ලබන ඉල්ලීම මත වසර තුනකට වරක් ගනු ලබන තීරණයක් බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කර ඇත.