By unusuma.lk on
(LK time)රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව, අමාත්‍ය මහාචාර්ය ඒ.එච්.එම්.එච්. අබයරත්නගේ සභාපතිත්වයෙන් අද (14) දින පාර්ලිමේන්තුවේදී රැස්විය.
එහිදී පළාත් පාලන ආයතන ජන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පතට අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමතිය හිමිව ඇත.
නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් ඇතුළු නියෝජ්‍ය අමාත්‍යවරු, ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරු ඇතුළු රාජ්‍ය නිලධාරීහු මෙම කාරක සභාව සදහා සහභාගී වූහ.