පාර්ලිමේන්තුවේ විපක්ෂය ජනතාවට කොමඩි සපයනවා.!

ජාතික ජන බලවේග ආණ්ඩුව නීතිය අතට ගන්න ආණ්ඩුවක් නොවන බව අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේන්තුවේදී සදහන් කළාය.

අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය සදහන් කළේ,

“අපි නීතිය අතට ගන්න ආණ්ඩුවක් නොවෙයි. රටේ නායකයන්ට, මැති ඇමැතිවරුන්ට ඕන හැටියට නීතිය අතට අරන් මාධ්‍යවේදීන්, කලාකරුවන්, ක්‍රීඩකයන් අතුරුදන් කරපු යුගයක් තිබුණා. අපි ඒක අවසන් කළා. ඒක තමයි ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ අරමුණ.

විපක්ෂයේ කාර්යභාරය මොකක්ද කියලා තේරුම් ගන්න මම සෑහෙන කාලයක් තිස්සේ උත්සාහ කළා. අද තමයි ඒක තේරුම් ගත්තේ. ඔවුන් ඇවිත් තියෙන්නේ ජනතාවට කොමඩි සපයන්න. කටට ආපු මොනවා හරි කියවලා යනවා මිසක් විවාදයක් පවත්වන්නේ කියන එකවත් තේරුම් අරන් නෙවෙයි කතා කරන්නේ.

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන රජයට තනිව කරන්න බැහැ. රාජ්‍ය නිලධාරීන්ට කරන්න බැහැ. ජනතාවගේ සහයත් අවශ්‍යයි. ජන සහභාගිත්ව ආණ්ඩුවක් ලෙස අපි ජනතාවගේ සහභාගිත්වයෙන් තමයි මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ. සමාජයීය, ආචාර ධාර්මික හා පාරිසරික වශයෙන් සිදු කෙරෙන වෙනසක් තමයි මේ තුළින් බලාපොරොත්තු වෙන්නේ.

දෙසැම්බර් (31) රාත්‍රියේ ගාලුමෝදර මල් වෙඩි සංදර්ශන පැවැත්වූයේ ව්‍යාපාරිකයකුගේ මුදල් වලින් කියලා චෝදනා කරනවා. ඉතිං ඒක හොඳයිනේ. එහෙම ව්‍යාපාරිකයෝ තමයි අවශ්‍ය. මෙපමණ කලක් ඒ ව්‍යාපාරිකයන්ගෙන් මුදල් කඩා වඩා ගත්තේ දේශපාලනඥයෝ තමන්ගේ පෞද්ගලික අවශ්‍යතා වලට.

දැන් එහෙම නෑ. අන්න ක්ලීන් ශ්‍රී ලංකා ඒ වෙනුවට ඔවුන් තමන්ගේ ආදායමෙන් කොටසක් පොදු වැඩවලට යොදා ජනතාවගේ බදු මුදල් ඉතිරි කරනවා නම් ඒක අගය කරන්න ඕන. ඒ වෙනුවට ඒවා චෝදනා බවට පත් කරගන්නේ එයින් රිදුණු අයයි.”

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.