By unusuma.lk on
(LK time)පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සැබෑ යුක්තිය ඉටු කිරීමට දවසකින් හෝ මාසයකින් සිදු කළ නොහැකි නමුත් මෙම මාසය තුළ කුමක් හෝ කිරීමට කටයුතු කරන බවත් විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය වෛද්‍ය ක්‍රිෂාන්ත අබේසේන මහතා පැවසීය.
අද (17) පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමින් හෙතෙම සඳහන් කළේ අවසන් විසඳුමක් ලැබෙන තෙක් පසුගිය වසරවල සිදු කළ ආකාරයෙන් පෙළපාළි මෙවරත් යාමට සිදු වන අතර, ඊට තමා ද සහභාගි වන බවයි.
එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍ය වෛද්‍ය ක්‍රිෂාන්ත අබේසේන මහතා,
‘පාස්කු ප්‍රහාරය කියන්නේ දේශපාලන බලපෑමක් තිබුණු දෙයක්. දේශපාලන ඝාතනයක්. ඒකට දේශ පාලනයත් සම්බන්ධයි. අපි කිව්වා පාස්කු ප්‍රහාරය ඇති කළේ, ඒවගේ යට හිටියේ දේශපාලඥයන්. දේශ පාලනයට සම්බන්ධ වුණු නිලධාරීන්. දැන් අවුරුදු 06කට කිට්ටු වෙන්න එනවා. තවමත් පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉටු වුණේ නැහැ. අපි පිළිගන්නවා ඒක. අපි දන්නවා මේක ලේසි වැඩක් නෙවෙයි. පාස්කු ප්‍රහාරය ඇති වුණේ යහපාලන ආණ්ඩු කාලයේ.
අපි දන්නවා යහපාලන ආණ්ඩු කාලයේ හිටියේ කවුද කියලා. යහපාලන ආණ්ඩු කාලයේ කවුද පොලිස් ඇමති කියලත් අපි දන්නවා. ඒවා කිසි දෙයක් වුණේ නෑ. පසුගිය අවුරුදු දෙකේ රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ ආණ්ඩුව කාලයේ ඒත් තිබුණා. සමහර අය පාටි දැම්මා. ඩිනර් ගත්තා ගෙදරට ගිහින්. කිව්වේ නෑ අනේ රනිල් අංකල් අපේ පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉටු කරලා දෙන්න කියලා. එහෙම මන්ත්‍රීලා ඉන්නේ.
අපේ ආණ්ඩුව ආවට පස්සේ ඒ හැමදේම විමර්ශනය කරන්න පටන්ගත්තා. අපිට බෑ බාගෙට විමර්ශනය කරලා නඩු දාන්න. එහෙම වුණොත් කියන්නේ නිදොස් කොට නිදහස්. අපිට හොඳට විමර්ශනය කරන්න අවශ්‍යයි. අපිට විශ්වාසයි පොලිස් අමාත්‍යාංශය යටතේ තිබෙන අදාළ අමාත්‍යාංශය. නිවැරදි විදියට විමර්ශනය කරලා, සාක්ෂි සම්පිණ්ඩනය කරලා, ඒවා නීතිපති දෙපාර්තමේන්තුවට එන බවට මට විශ්වාසයක් තිබෙනවා.
පාස්කු ප්‍රහාරයට කොමිෂන් දැම්මා. වියදම් කළා සල්ලි. ඒවා පුස් කකා තිබුණේ මේ අවුරුදු 06ක කාලයකි. ඩී. එන්. ඒ. පරීක්ෂණය තුන් සැරයක් කළා. දේශපාලන බලපෑම් නෙවෙයිද? අපි අනිවාර්යෙන්ම පොරොන්දු වෙනවා අපේ ආණ්ඩුව යටතේ පාස්කු ප්‍රහාරයට සැබෑ යුක්තිය ඉටු කරනවා කියලා. එක දවසින් දෙකෙන්, මාසයෙන් කරන්න බෑ. අපි අනිවාර්යෙන්ම මේ මාසය ඇතුළත මොකක් හරි කරනවා. ඒක ලේසි නෑ. ඒත් ඒක නෙවෙයි අවසානය. අපිට බෑ මේ මාස දෙක ඇතුළත මේක තමයි යුක්තිය, මේ තමයි මහ මොළකරු කියලා පෙන්වන්න. ඒකට තව කල් යනවා.
මීගමුවේ ඉඳන් සෑම 21 වැනිදාම් උද්ඝෝෂණ කළා. අපි සෑම අවුරුද්දකම් පෙළපාළි ආවා. මේ අවුරුද්දෙන් කරනවා. මමත් යනවා පෙළපාලියට. මේ අප්‍රේල් 21 පෙළපාළි යන්න වෙනවා මේකට අවසාන විසඳුමක් ලැබෙනකන්. අවසාන විසඳුම් ලැබීම මාසෙන් දෙකෙන් කරන්න බෑ. අපි ආණ්ඩුව ආවට පස්සේ හොඳටම තේරුම් ගත්තා. අපිට නිලධාරීන් එක්ක වැඩ කරන්න වෙන්නේ. කාර්ය මණ්ඩලය නෑ. ඒවත් එක්ක අපි ඒ පොරොන්දුව ලබා දෙනවා.”