මගීන් 400කට අධික පිරිසක් සිටින පකිස්ථානයේ මගී ප්‍රවාහන දුම්රියක් බලුච් විමුක්ති හමුදාව නමින් හඳුන්වන කැරලිකරුවන්ගේ ග්‍රහණයට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
බලුච් විමුක්ති හමුදාව යනු පකිස්ථානයෙන් බලුකිස්තානයට නිදහස අපේක්ෂා කරමින් සංවිධානය වූ කැරලිකරුවන් කණ්ඩායමකි.
එම කැරලිකරුවන් මගීන් ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවා තබාගෙන ඇති අතර එම ප්‍රාණ ඇපකරුවන්ගෙන් බහුතරයක් පකිස්ථාන හමුදා සාමාජිකයින් බවත් ඔවුන්ගෙන් 6 දෙනෙකු මේ වනවිට ඝාතනය කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කැරලිකරුවන් විසින් තමන්ට විරුද්ධව හමුදා මෙහෙයුමක් දියත් කළහොත් ප්‍රාණ ඇපකරුවන් සියලුම දෙනා ඝාතනය කරන බවත් ඕනෑම හමුදා ආක්‍රමණයකට ඒ හා සමාන ප්‍රතිප්‍රහාර එල්ල වනු ඇති බවද ඔවුන් අනතුරු අඟවයි.
බලුකිස්ථාන් ප්‍රාන්තයේ සිට කයිබර් පක්තුන්ක්වා දෙසට එම දුම්රිය ධාවනය කර ඇති අතර එහිදී එම කැරලිකරුවන් විසින් දුම්රිය මාර්ගය පුපුරුවා දුම්රිය සිය ග්‍රහණයට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.