By unusuma.lk on
(LK time)මේ වනවිට විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධව ඇතිවී තිබෙන ප්‍රමාදයන් මඟහරවා ගැනීම සදහා ආගමන විගමන දෙපාර්තමේන්තුව පැය 24 පුරා ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇති බවත් ඒ අනුව දිනකට විදෙස් ගමන් බලපත්‍ර 4000ක් නිකුත් කිරීමට නියමිත බවද අමාත්‍ය නලින්ද ජයතිස්ස අද (05) දින පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් සදහන් කරයි.
අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද විද්වත් කමිටුවේ නිර්දේශය අනුව “පී” කාණ්ඩයේ චිපය රහිත හිස් විදේශ ගමන් බලපත්‍ර 1,100,000ක් වත්මන් සැපයුම්කරු වෙතින් සපයා ගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය මේ වනවිට ආරම්භ කර ඇති බවද අමාත්‍යවරයා සදහන් කරයි.
ඒ සදහා අවශ්‍ය අමතර කාර්යමණ්ඩලය සපයා ගැනීමට එම දෙපාර්තමේන්තුවේ සේවය කර විශ්‍රාම ලබා ඇති නිලධාරීන්, රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ එකඟතාව මත කොන්ත්‍රාත් පදනම මත සේවයේ යෙදවීමට සහ දැනට රජයේ සේවයේ නිරත නිලධාරින්, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විමසමින් අනුයුක්ත කර ගැනීමට මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.