පාස්පෝට් ගැටලුවට විසදුමක්.. පැය 24ට දින 10යි.!

පැනනැගී ඇති අර්බුදයට පිළියමක් ලෙස විද්වත් කමිටු නිර්දේශ පරිදි දෛනිකව නිකුත් කරන විදේශ ගමන් බලපත්‍ර ප්‍රමාණය වැඩි කිරීමට අවධානය යොමු වී ඇති බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිළිබද අමාත්‍ය ආනන්ද විජේපාල සදහන් කරයි.

ඒ අනුව දෛනිකව විදෙස් ගමන් බලපත්‍ර 4000ක් පැය 24 පුරා ක්‍රියාත්මක වෙමින් නිකුත් කිරිමේ වැඩපිළිවෙල තවත් දින 10කින් පමණ ආරම්භ කිරීමට හැකිවනු ඇති බවද අමාත්‍ය ආනන්ද විජේපාල සදහන් කරයි.

බලපත්‍ර නිකුත් කිරීම සදහා අවශ්‍ය පුහුණු නිලධාරින් බදවාගැනීම වෙනුවෙන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික නිලධාරින්ගේ නාමලේඛනයක් රාජ්‍යසේවා කොමිෂන් සභාවේ අනුමැතිය සදහා යොමුකර ඇති බවද අමාත්‍යවරයා සදහන් කරයි.

රාජ්‍යසේවා කොමිෂන් සභාවේ අනුමැතිය ලද විගස පැය 24 පුරාම ක්‍රියාත්මක විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරිමේ ක්‍රියාවලිය ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවද අමාත්‍යවරයා සදහන් කරයි.

විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීමට පැමිණෙන ජනතාවගේ ආරක්ෂාව සදහා දෙපාර්තමේන්තුව තුළ නව පොලිස් මුරපොළක් ස්ථාපිත කිරීමටද උපදෙස් ලබාදුන් බවද අමාත්‍යවරයා සදහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.