By unusuma.lk on
(LK time)
අද (03) පාර්ලිමේන්තුවේදී විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුණ් හේමචන්ද්‍රා මහතා විසින් දේශපාලන සබඳතා මත ලබා දුන් බව කියන ඉන්ධන පිරවුම්හල් බලපත්‍ර ලාභීන් පිරිසකගේ නම් ලැයිස්තුවක් ඉදිරිපත් කළේය.
එම ලැයිස්තුවේ වත්මන් සහ හිටපු විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ දේශපාලන සම්බන්ධය ලේඛණයක්ද ඉදිරිපත් කළ නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේ දිවයිනේ සෑම පළාතම ආවරණය වන පරිදි පෙට්‍රල් ෂෙඩ් ලබා දී තිබෙන බවයි.
මේ වනවිට ඇතිව තිබෙනා ඉන්ධන ගැටලුව සම්බන්ධයෙන් විපක්ෂය කුලප්පු වීම සාධාරණ බවද වැඩිදුරටත් අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
“මේ ලේඛණය පටන් ගන්නේ හයිටෙක් කාබන් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය මේ ආයතනය එක්ක තියෙන දේශපාලන සබඳතාව බැලුවම හිටපු ජනපතිනිය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට පවතිනවා.
ප්‍රසන්න රණතුංග, වර්ණන් ගුණරත්න, කුමාර වෙල්ගම, හර්ෂණ රාජකරුණා, මහින්ද රාජපක්ෂගේ PSO ගේ නම ,පියසේන ගමගේ මහතාගේ පුතුන්ගේ නමට තියනවා.
ගාමිණි සෙනරත් මහතාගේ සහෝදරවරු, ගයන්ත කරුණාතිලකගේ සහෝදරයෙක් ගේ නමටත් තියනවා.
අකිල විරාජ්,පවිත්‍රා වන්නිආරච්චි, නිලානි ධර්මදාස නමින් ෂෙඩ් එකක් තියෙනවා.
මේ සම්බන්ධය රංජිත් මද්දුම බණඩාරට සම්බන්ධයක් තියනවා කියලා මේ ලේඛණයේ තියනවා.
අද විපක්ෂය කුලප්පු වෙන එක ඉතාම සාධාරණයි. තමන්ගේම බිස්නස්වලට මොකක් හරි ආකාරයෙන් ප්‍රශන්න ගැටලුවක් මතුවෙනකොට යම්කිසි ආකාරයෙන් කුලප්පුවෙන එක සාධාරණයි. අපි කිසිසේත්ම ආණ්ඩුවක් ලෙස මේ සම්බන්ධයෙන් සැලෙන්නේ නැහැ.
අපිට තියන සම්මුතිය ජනතාවත් එක්ක තියන සම්මුතිය. ඒක ඉතාම හොද ආකාරයෙන් කටයුතු කරගෙන යනවා”
නියෝජ්‍ය අමාත්‍යවරයා අනාවරණය කළ ලෙස වත්මන් දේශපාලකයින්ට හා ඔවුන්ගේ සමිපතමයින්ට අයත් පෙට්‍රල් ෂෙඩ් ගණන 40කට අධිකයි.
ඒ අනුව,
බස්නාහිර පළාත
හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මිය, ප්‍රසන්න රණතුංග මහතා , කුමාර වෙල්ගම මහතා, හර්ෂණ රාජකරුණා මහතා, කඩුවෙල හිටපු නගරාධිපතිවරයෙකු වන වර්ණන් ගුණරත්න මහතා, හිටපු සහ වත්මන් පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ට හෝ ඔවුන්ගේ සමිපතමයින්ට අයත්.
දකුණු පළාත
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුද්ගලික ආරක්ෂක නිළධාරීවරයා, හිටපු ඇමති පියසේන ගමගේ ගේ පුතුන්, හිටපු ජනාධිපති ලේකම් ගාමිණි සෙනරත් ගේ සහෝදරයා හම්බන්තොට ප්‍රෙද්ශිය සභාවේ හිටපු සභාපතිවරයෙක්, ගයන්ත කරුණාතිලක ගේ සහෝදරයා, හිටපු දකුණු පළාත් මහ ඇමති එච් ඊ සිරිසේන
නියෝජ්‍ය අමාත්‍යවරයා හෙළිකර ලැයිස්තුවේ නැගෙනහිර පළාත තුළ මෙවනි දේශපාලන සබඳතා මත පෙට්‍රල් ෂෙඩ් 04ක් ක්‍රියාත්මක වන බව සඳහන්.
උතුරු පළාත
චාර්ල් නිර්මලනාදන් හිටපු මන්ත්‍රී, කදර්මස්ථාන් මන්ත්‍රීවරයා ගේ සහොදරයින් ඇතුලු දේශපාලන සබඳතා ඇති සිව්දෙනෙකුටයි.
උතුරු මැද පළාත
හිටපු ඇමති දුමින්ද දිසානායක මහතාගේ සහෝදරයා, කිංස් නෙල්සන් මන්ත්‍රිවරයාගේ සහෝදරයා, හිටපු මන්ත්‍රි ලාල් ධර්මප්‍රිය මහතාගේ සහෝදරයා, චන්දිම ගමගේ මහතාගේ බිරිඳ මෙම ලැයිස්තුවට අයත්.
වයඔ පළාත
හිටපු ඇමති ඉන්දික බණ්ඩාරනායක මහතාගේ සහෝදරයෙක් හා මව, හිටපු ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා
හිටපු පළාත් සභා මන්ත්‍රි ඩී.සී.යූ.ඉලේපෙරුමගේ මහතා හවුල් කාරිත්වය දරන පෙට්‍රල් ෂෙඩ් එකක් මධ්‍යම පළාතේ ක්‍රියාත්මකයි.
ඌව පළාතේ පෙට්‍රල් හිමිකරු ලැයිස්තුවේ රංජිත් මද්දුමබණ්ඩාර මහතාගේ සබඳතාවයද අනාවරණය කර තිබෙනවා.
සබරගමු පළාත
හිටපු ඇමති පවිත්‍රා වන්නිආරච්චිගේ සහෝදරිය ට සබරගමු පළාතේ පෙට්‍රල් ෂෙඩ් දෙකක් හිමි බව සඳහන්.