රෙද්ද පල්ලෙන් පෙට්‍රල් බේරෙයි.!

හිටපු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා 08 වන පාර්ලිමේන්තු කාලසීමාව තුළදී වාහන 08ක් සහ රුපියල් මිලියන 26ක ඉන්ධන භාවිතා කර ඇති බවත්, හිටපු නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ වාහන 06ක් සහ රුපියල් මිලියන 14ක ඉන්ධන භාවිතා කර ඇති බවට ආණ්ඩු පක්ෂය විසින් පසුගිය මාසයේදී පාර්ලිමේන්තුවේ අනාවරණයක් කළේය.

එහෙත් ඊට ප්‍රතිචාර දක්වමින් හිටපු කථානායකවරයා මාධ්‍ය වෙත පවසා සිටියේ මෙම තොරතුරු ව්‍යාජ බවත් තමා එවැනි අවභාවිතාවක් සිදුකර නොමැති බවත්ය.

කෙසේවෙතත් අමාත්‍ය බිමල් රත්නායක මහතා අද (12) පාර්ලිමේන්තුවේදී එම අවභාවිතාව නැවත වරක් තහවුරු කරමින් මහින්ද යාපා අබේවර්ධන මහතා 08 වන පාර්ලිමේන්තුවේ වාහන 08ක් සහ රුපියල් මිලියන 26ක ඉන්ධන භාවිතා කර ඇති බවත්, හිටපු නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ වාහන 06ක් සහ රුපියල් මිලියන 14ක ඉන්ධන භාවිතා කර ඇතිබවත් ශාක්ෂි සහිතව තහවුරු කළේය.

ඒ අනුව පාර්ලිමේන්තුවේ මූල්‍ය අධ්‍යක්ෂකවරයා විසින් සහතික කරන ලද ගිණුම් විස්තර ඇතුලත් වාර්තාවක් සභාගත කිරීමටද අමාත්‍යවරයා කටයුතු කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ සභානායක බිමල් රත්නායක ‌මහතා,

අනෙක් සෑම රාජ්‍ය ආයතනයක මෙන්ම පාර්ලිමේන්තුව තුළත් භාවිතා කරන්නේ ජනතාවගේ මුදල්. පාර්ලිමේන්තුවත් ජනතාවට සියයට සියයක් වගකව යුතුයි.අනෙක් සෑම රාජ්‍ය ආයතනයක මෙන්ම පාර්ලිමේන්තුවේ වියදම් විගණණයට ලක්කිරීම සඳහා ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් කතානායකවරයාට ස්තුතිය පුදකළ යුතුයි.

2023 සහ 2024 සැප්තැම්බර් දක්වා කාලසීමාවේ හිටපු කතානායකවරයාගේ සහ නියෝජ්‍ය කතානායකවරයාගේ වාහන සහ ඉන්ධන වාර්තා  මම සභාගත කරනවා. එම වාර්තා පාර්ලිමේන්තුවේ මූල්‍ය අධ්‍යක්ෂ විසින් සහතික කර ඇති බවත් නිවැරදි වාර්තා බවත් සභානායකවරයා පැවසීය.වර්තමාන කථානායක සහ නියෝජ්‍ය කථානායකවරුන්ගේ ඉන්ධන පිළිබඳ වාර්තාද සභානායකවරයා පාර්ලිමේන්තුවේ සභාගත කළේය.

Loading

One thought on “රෙද්ද පල්ලෙන් පෙට්‍රල් බේරෙයි.!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *