By unusuma.lk on
(LK time)කාත්තන්කුඩි පොලීසිය පවසන්නේ, මඩකලපුව, කාත්තාන්කුඩි පොලිස් වසමට අයත් කල්ලඩි, කලෙයිමගල් පාරේ අගුළු දමා තිබූ නිවෙසක බෙහෙවින් නරක් වී ගිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකුගේ සිරුරක් සොයා ගත් බවයි.
පොලීසිය පවසන්නේ මියගිය නිවෙස අගුළු දමා තිබූ බවත් ඔහුගේ සිරුර තදින් නරක් වී තිබූ බවයි.
එරාවුර්, මිච්නගර්හි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකු ලෙස සේවය කළ එෆ්. ජෛයිකාන්ත් නැමති 48 හැවිරිදි අයෙකුගේ මෙලෙස අබිරහස් ලෙස මියගොස් ඇත්තේ බව පොලීසිය කියයි.
මේ නිවෙසේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ජීවත්ව සිට ඇත්තේ ඔහුගේ මව සමඟ බවත් මව මිය යෑමෙන් පසු ඔහු තනිව මෙහි වාසය කර ඇති බවටත් තොරතුරු හෙළිව ඇතැයි පොලීසිය කියයි.
මියගිය තැනැත්තා පලමු විවාහයෙන් වෙන්ව වෙනත් කාන්තාවක් සමඟ විවාහ වී සිට ඇති බවත් ඔහුට දාව නිවුන් දරුවන් සිටින බවත් පොලීසිය පවසයි
පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමෙන් පසුව කාත්තාන්කුඩි පොලීසිය සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පැවැත්වීමට නියමිතයි.