අධිකරණය තුළදී පිස්තෝල ආරක්ෂාවක්.!

පාතාල කල්ලි සාමාජික ගණේමුල්ල සංජීව නමැත්තා කොළඹ අංක 5 අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය තුළදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියෙන් පසු බන්ධනාගාර උසස් නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් සාකච්ඡාවක් පවත්වා ඇත.

අධිකරණ ශාලා තුළ ගිනි අවි සහිත බන්ධනාගාර නිලධාරීන් රඳවා තැබීම සම්බන්ධයෙන් එහිදී අවධානය යොමුව තිබේ.

ඒ අනුව නඩු විභාගයට ගන්නා අවස්ථාවන්හිදී අධිකරණ ශාලා තුළ ගිනි අවි රැගත් බන්ධනාගාර නිලධාරීන් රඳවා තැබීම සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක්ව තිබේ.

අධිකරණ වෙත රැගෙන එන සැකකරුවන් සඳහා පූර්ණ ආරක්‍ෂාවක් සැලසීම මෙහි ප්‍රධාන අරමුණ බව පැවසේ.

කෙසේවෙතත් මේ වන විට පවතින නෛතික තත්ත්වයන් අනුව බන්ධනාගාර නිලධාරීන්ට ගිනි අවි සහිතව එම අධිකරණ ශාලා තුළට ඇතුළු වීමට නොහැකි අතර අධිකරණ ශාලා තුළ ගිනි අවි අත දරා සිටීමට හැකියාව ඇත්තේ අධිකරණ ශාලාවේ පොලිස් නිලධාරියාට පමණ.

T-56 වැනි විශාල ගිනි අවි අධිකරණ ශාලාවක් තුළ හැසිරවීම අපහසු බැවින් පිස්තෝල වර්ගයේ කුඩා ගිනි අවි සහිත නිලධාරීන් අධිකරණ ශාලා තුළ රඳවා තැබීමට ඇති නෛතික තත්ත්වය පිළිබඳවඳ එම හමුවේදී සාකච්ඡාවට භාජනය වී ඇත.

කෙසේවෙතත් ගිනි අවි සහිත බන්ධනාගාර නිලධාරීන් අධිකරණ ශාලා තුළ රඳවා තැබීමට අවශ්‍ය නීතිමය තත්ත්වයක් මේ වන විට නොමැති බැවින් අධිකරණ අමාත්‍යාංශය, අධිකරණ සේවා කොමිෂන් සභාව හා පොලිස් දෙපාර්තමේන්තුව සමග මෙන් ම මහේස්ත්‍රාත්වරුන් හා විනිසුරුවරුන් සමග සාකච්ඡා කර ඒ පිළිබඳව සුදුසු තීරණයක් ගැනීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවද වාර්තාවේ.

Loading

Tell me 💬
Notify of
guest
2 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.