අද (05) පස්වරු 6.45ට පමණ පිටකොටුව බංගසාල වීදියේ ව්යාපාරික ගොඩනැගිල්ලක හටගත් ගින්න පාලනය කිරීම සදහා මේ වනවිට නාවික හමුදාවේ සහ ගුවන් හමුදාවේ සහායද ලබාගෙන ඇති බව වාර්තා වේ.
එම ගින්න පාලනයට ගිනි නිවීමේ රථ 8ක් සහ ගිනි නිවන භටයන් 34ක් ද නාවික හමුදාවට සහ ගුවන් හමුදාවට අයත් ජල බවුසර් යොදවා තිබූ අතර ගොඩනැගිල්ල ප්රමාණය ඉක්මවා භාණ්ඩ ගබඩා කිරීම හේතුවෙන් ගින්න වේගයෙන් පැතිර ඇති බව පැවසේ.
මේ හේතුවෙන් ගින්න හටගත් ස්ථානයට ළගාවීම ද දුෂ්කර වී තිබේ.
ගින්නෙන් එම ගොඩනැගිල්ලේ මහල් තුනක් මේ වනවිට සම්පූර්ණයෙන්ම විනාශ වී ගොස් තිබේ.