By unusuma.lk on
(LK time)බ්‍රසීලයේ සාඕ පවුලෝ නගරය අසලදී කුඩා ගුවන් යානයක් කඩාවැටී බස් රථයක ගැටීමෙන් දෙදෙනෙකු මියගොස් හය දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම කිං එයාර් එෆ් 90 ගුවන් යානය කැම්පෝ ඩි මාර්ට් ගුවන්තොටුපළෙන් ගුවන් ගත වී මිනිත්තු පහක් ඇතුළත හදිසි ගොඩබෑමක් කිරීමට උත්සාහ කිරීමේදී මෙම අනතුර සිදුව ඇත.
එරට බලධාරීන් තවමත් යානයේ සිටි පුද්ගලයින් සංඛ්‍යාව හෙළිකර නොමැති නමුත් එෆ් 90 ගුවන් යානයට මගීන් අට දෙනෙකු දක්වා ගමන් කළ හැකි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම අනතුර සිදුවන අවස්ථාවේදී බස් රථයේ මගීන් සිට නොමැති අතර එම අනතුරෙන් තුවාල ලැබූවන් හෝ තුවාල ලැබූ නිලධාරීන් තවමත් තහවුරු කර නොමැත.