By unusuma.lk on
(LK time)ජාත්‍යන්තර පොලීසිය මගින් මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ජනිත් මධුසංඛ හෙවත් “පොඩි ලැසී” ඉන්දියාවේ මුම්බායි හිදී අත්අඩංගුවට ගෙන ඇත.
ජනිත් මධුසංඛ හෙවත් “පොඩි ලැසී” ඉන්දියාවේ මුම්බායි හිදී අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මෙරටට දැනුම්දී ඇති බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සදහන් කරයි.
අධිකරණය මගින් ඇප ලබා සිටි ජනිත් මධුසංඛ හෙවත් පොඩි ලැසී මෙරටින් පලාගොස් ඇති බවට පසුගියදා සමාජ මාධ්‍ය වාර්තා කර තිබුණ අතර පොලීසිය කළ සොයාබැලීම්වලදී අනාවරණය වී තිබුණේ පොඩි ලැසී ඉන්දියාවේ රැඳීසිටින බවය.