By unusuma.lk on
(LK time)හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් විජේරාම පිහිටි නිවසේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය ඊයේ (31) පස්වරුවේ රැස්ව ඇත.
එහිදී ප්‍රධාන වශයෙන් ඉදිරි මැතිවරණ සදහා තරග කරන ආකාරය සම්බන්ධව සාකච්ඡා වට කිහිපයක්ම පවත්වා ඇති අතර සන්ධාන ගතව ඉදිරි මැතිවරණයට ඉදිරිපත් වීමට අවසන් තීරණයක් ගෙන නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සදහන් කරයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සදහන් කළේ,
“පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙළ ප්රතිසංවිධාන කටයුතු සහ මැයි දිනය ගැන අපි අද සාකච්ඡා කළා. වැඩකරන ජනතාව විදිහට මැයි දිනය සමරන්න අපි තීරණය කළා. ආසනවල ප්රතිසංවිධාන කටයුතු මේ වනවිටත් ආරම්භ කරලා තියෙන්නේ.
ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ සී.බී රත්නායක මේ ගැන පක්ෂ නියෝජතයින් දැනුම්වත් කළා. පොහොට්ටුව ඉවත් කරලා යන්න අදහස් නැහැ. ඒත් සන්ධානගත වීමක් වුණොත් අපිට ඒ ගැන තීන්දුවක් ගන්න වෙනවා. නමුත් දැනට එහෙම දෙයක් නැහැ. බහුතරයකගේ මතය වෙන්නේ එලැඹෙන ප්‍රාදේශීය සභා මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විදිහට තරග කළ යුතුයි කියලා.”
අදාළ සාකච්ඡාව සම්බන්ධයෙන් අදහස් දැක්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශෂීන්ද්‍ර රාජපක්ෂ සදහන් කළේ, පක්ෂ කිහිපයක් සමග සන්ධාන ගත වෙලා ඉදිරි මැතිවරණයට ඉදිරිපත් වෙන්න සාකච්ඡා කර තිබෙන බවත් එහෙත් අවසන් තීරණයක් ගෙන නැති බවයි.