By unusuma.lk on
(LK time)ලොරි රථයක් පැහැරගෙන පලායමින් සිටියදී කඩුවෙලදී එම රථයට වෙඩිතබා නවතාගෙන සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අණ නොතකා ධාවනය කළ ලොරි රථය පසුපස හඹා ගිය පොලිස් විශේෂ යතුරුපැදි බලඝණය වෙඩි උණ්ඩ 20ක් පමණ ලොරි රථයට එල්ල කර ඇති බව සඳහන්.
අත්අඩංගුවට ගත් සැකකරු සතුව තිබී මෙරට නිශ්පාදිත අත්බෝම්බයක්ද හමු වූ බවද පොලීසිය සඳහන් කළේය.
අදාළ ලොරි රථය නොරොච්චෝලේ සිට සුපිරි වෙළෙඳසැලක් සඳහා එළවළු පටවාගෙන යන අතරතුර, වත්තල ප්‍රදේශයේ තේ කඩයක් අසල නවත්වා තිබේ.
එහිදී රියදුරු තේ බීමට ගිය අවස්ථාවේදී අත්අඩංගුවට ගත් සැකකරු විසින් ලොරිය පැහැරගෙන ඇත.
පසුව රියදුරු ත්‍රීරෝද රථයකින් ලොරිය පිටුපස හඹා ගියද, අල්ලා ගැනීමට නොහැකි වූ බැවින් පොලීසියට දැනුම්දී, එම ලොරියේ GPS ක්‍රියාවලිය ගැනද පොලීසිය දැනුම්වත් කර ඇත
ඒ අනුව වැල්ලම්පිටිය ප්‍රදේශයේදී අදාළ ලොරිය නැවැත්වීමට පොලීසිය උත්සාහ ගත්තද, එය ව්‍යාර්ථ වී තිබේ.
පසුව කඩුවෙල දෙසට පැමිණි අවස්ථාවේදී පොලිස් කණ්ඩායම් කිහිපයක් ලොරිය පසුපස හඹාගොස් ඇත.
එහිදී තලාහේන ප්‍රදේශයේදී සහ කඩුවෙලදී වෙඩිපහර කිහිපයක් එල්ලකර තිබේ.
නමුත් මෝටර් රථ 2ක්, බස් රථයක් සහ ත්‍රීරෝද රථයක් හප්පා දමමින් එම ලොරිය ඉදිරියට ගොස් ඇත.
පලායන අතරතුර ඉසුරුපායේ අධ්‍යාපන අමාත්‍යාංශයේ පිටුපස ගේට්ටුවකටද හානි සිදුකර ඇති බව පොලීසිය පවසයි.
පසුව කඩුවෙල නගරයේදී තවත් ලොරි රථ යොදාගනිමින් ලොරිය පැමිණෙන මාර්ගය හරස් කර තිබේ.
එහිදී මාර්ග බාධක යොදා තිබූ අවස්ථාවේ සැකකරු එම ස්ථානයටද පැමිණ නැවත හැරීයාමට සැරසී ඇත.
එහිදී පොලීසිය විසින් යළිත් වෙඩි පහර කිහිපයක් ලොරියට එල්ලකර එය නවතාගැනීමට කටයුතුකර තිබේ.
කඩුවෙල අධිකරණය සංකීර්ණය අසලදී ලොරි රථය නවතා දමා සැකකරු ඉන් පලායාමට උත්සාහ දැරූ අවස්ථාවේදී පොලිස් අත්අඩංගුවට පවත්ව ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කැලණිය ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි පුද්ගලයෙක්ය.
සැකකරු කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.