By unusuma.lk on
(LK time)පැමිණිල්ලක් විභාග කිරීමට නිවසකට ගොස් එහි සිටි 16 හැවිරිදි දැරියකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තිස්සමහාරාම පොලිසියට අනුයුක්තව රාජකාරී කරමින් සිටි සැරයන්වරයෙක් අත්අඩංගුවට ගත් බව තිස්සමහාරාම පොලිසිය පවසයි.
ඊයේ 02 රාත්රියේ තිස්සමහාරාමයේ පදිංචි දැරියක් නිවස තුළ කලහකාරී ලෙස හැසිරෙන බවට දැරියගේ මව විසින් පොලිස් හදිසි ඇමතුම් අංශය 119 වෙත කළ දැනුම්දීමකට අනුව පොලිසියේ රාත්රී ජංගම සංචාර රාජකාරියේ යෙදී සිටි ඉහත සැකකාර සැරයන්වරයා දැරියගේ නිවසට ගොස් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලිසිය සඳහන් කරයි.
දැරිය උපකාරක පංතියකට යන බව පවසා ඇයගෙ පෙම්වතා සමඟ කිරින්ද ප්රදේශයට ගොස් ඇති බවට මවට සැලවීමත් සමඟම ඒ සම්බන්ධයෙන් තොරතුරු විමසීමේදී දැරිය නිවස තුළ කලහකාරී ලෙස හැසිරී ඇතැයි පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් දැරියගෙන් තොරතුරු විමසීම සඳහා සැකකාර සැරයන් දැරිය රැඳී සිටි කාමරය වෙත ගොස් ඇය සමග කතා කරමින් සිටින අතරතුර ලිංගික අතවර කළ බවට පොලිස් ස්ථානය වෙත කර තිබූ පැමිණිල්ලකට අනුව සැකකාර සැරයෙන් අත්අඩංගුවට ගෙන ඇත.