අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් නිලධාරියෙක් අබිරහස් ලෙස මරුට.!

අද (14) දින උදෑසන මීගමුව, කොච්චිකඩේ කම්මල් තොටුපොළ මුහුදු තීරයේ ත්‍රීරෝද රථයක් තුළ පොලිස් නිලධාරියෙකුගේ පිළිස්සුණු මළසිරුරක් සොයාගත් බව පොලීසිය සඳහන් කරයි.

මෙම සිද්ධිය ප්‍රදේශවාසීන් දැක අද උදෑසන ඔවුන් විසින් කොච්චිකඩේ පොලීසිය දැනුම්වත් කිරීමෙන් අනතුරුව කොච්චිකඩේ පොලීසිය හා මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය විසින් මේ වනවිට විමර්ශන ආරම්භ කර ඇත.

මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් සැරයන් රියදුරෙකු වන ජයන්ත පුෂ්පකුමාර නම් වයස අවුරුදු 56ක් වන මීගමුව දළුපත ප්‍රදේශයේ පදිංචිකරුවෙක් මෙලෙස මියගොස් ඇති බව පොලීසිය සඳහන් කරයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැනට කිසිදු තොරතුරක් අනාවරණය වී නොමැති අතර මළසිරුර මහෙස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මීගමුව මහ රෝහල වෙත රැගෙන යෑමට නියමිතය.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments