පොලීසියේ ලොක්කන්ට වැඩ වරදී.. පොලිස්පතිගෙන් නියෝග.!

මේ වනවිට පොලිස් ස්ථානාධිපතිවරුන් ලෙස පත්කර සිටින නිලධාරීන්ට එල්ල වී ඇති චෝදනා පිළිබඳ කඩිනමින් වාර්තාවක් ලබාදෙන ලෙස පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පොලිස් විශේෂ විමර්ශන ඒකකයට නියෝග කර ඇත.

පොලිස් ස්ථානාධිපතිවරුන්ට එල්ල වී ඇති චෝදනා සහ එම චෝදනා පිළිබඳ විමර්ශන වල ප්‍රගතිය, ඔවුන්ට එරෙහිව නඩු පවරා තිබේද යන කරුණු මේ වාර්තාවට ඇතුළත් විය යුතු බවද පොලිස්පතිවරයා දැනුම් දී ඇත.

මේ අතර තරුණයකුට දින 06ක් තිස්සේ වධහිංසා කිරීම සම්බන්ධයෙන් චෝදනා ගොනු කර තිබූ වීරකැටිය පොලිස් ස්ථානාධිපති ඇතුළු මේ වන විට ස්ථානාධිපති තනතුරු දරන පොලිස් නිලධාරීන් සිවුදෙනකු රුපියල් 25,000 බැගින් වූ මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප 02ක් මත මුදා හැරීමට මාතර මහාධිකරණය පසුගියදා නියෝග කළේය.

මේ නිලධාරීන්ගේ වැඩ තහනම් කිරීමට අදාළ ලිපිය පොලිස්පතිවරයා විසින් ඉදිරි දින දෙකේදී ජාතික පොලිස් කොමිෂන් සභාව වෙත යොමු කිරීමට නියමිත බවද පොලිස් දෙපාර්තමේන්තු ආරංචි මාර්ග වාර්තා කරයි.

Loading

Tell me 💬
Notify of
guest
2 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.