By unusuma.lk on
(LK time)පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිවේදී බුද්ධික මනතුංග මහතා ඊයේ (26) පැවසූවේ රටේ සිදුවන අපරාධ සහ මත්ද්‍රව්‍ය මැඬලීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුම්වලදී ටී 56 ගිනි අවි 03 ක්, පිස්තෝල ගිනි අවි 03 ක් සමග අපරාධවලට ඍජුවම සම්බන්ධ සැකකරුවන් 167 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.
වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් මත සිදුකළ මෙම මෙහෙයුම්, දින 10ක් තුළ සිදු කළ වාර්තා සැලකිල්ලට ගැනීමේදී පුද්ගලයන් එක්ලක්ෂ හැත්තෑ දෙදහස් අටසිය හැත්තෑහත් දෙනකු (1,72,877) සහ රථවාහන හැටහතර දහස් දෙසිය පනස්අටක් (64,258) පරීක්ෂා කළ බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
මෙම වාහන පරීක්ෂා කිරීම සිදු කළේ රථවාහන නිලධාරීන් සිදුකරන සාමාන්‍ය රාජකාරිවලට අමතරව බවත් ඒ මහතා සිහිපත් කළේය.
එමෙන්ම අධිකරණ වරෙන්තු මත සිටි 256 දෙනක් කේරළ ගංජා කිලෝ 462ක්, හෂීස් කිලෝ 15ක්, අයිස් කිලෝ 8 ක්ද මෙම මෙහෙයුම් අතරතුරදී අත්අඩංගුවට ගෙන තිබේ.