By unusuma.lk on
(LK time)පසුගිය කාලයේ මෙරටට වාහන ආනයනය තහනම් කර තිබුණු පසුබිමක වරායෙන් වාහන පන්නා ඇති බවත් රජයට අයවිය යුතු බදු මුදල් මෙන්ම එම වාහනද ලියාපදිංචි කර නොමැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක සදහන් කරයි.
එලෙස ගෙන්වන ලද වාහන විශාල ප්‍රමාණයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගනිමින් තිබෙන බවත් එහි වැඩිම ප්‍රමාණයක් තිබෙන්නේ දේශපාලඥයන් ළග බවද ජනාධිපති අනුර කුමාර දිසානායක සදහන් කරයි.
සිදුකරන පරීක්ෂණවල මට්ටම අනුව වරායෙන් වාහන මෙරටට ගෙන්වා පරිහරණය කළ දේශපාලඥයින් කිහිපදෙනෙකු හෙට අනිද්දා දිනක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගනු ඇති බවද ජනාධිපති අනුර කුමාර දිසානායක සදහන් කරයි.
පොල්පිතිගම පැවති සුහද හමුවට එක්වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව සදහන් කරයි.