තත්ත්වය තරමක් බරපතළයි.. පාප් වහන්සේ වෙනුවෙන් යාඥා කරන්න.!

වතිකානය නිවේදනය කළේ, අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් හිමිපාණන්ගේ තත්ත්වය තරමක් බරපතළ බැවින් උන් වහන්සේ සිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ තමන් වෙනුවෙන් යාඥා කරන ලෙසයි.

පසුගිය (14) වැනිදා 88 හැවිරිදි පාප් ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමන්ට ශ්වසන අපහසුතාවක් හේතුවෙන් රෝහල්ගත කළ අතර අතිරේක ඔක්සිජන් ලබාදීම අඛණ්ඩව සිදු කරයි.

වයස අවුරුදු 21දී පෙනහළු ආබාධයකට ගොදුරුවීමත් සමග ශුද්ධෝත්තම පියතුමන්ට වරින් වර ශ්වසන අපහසුතා ඇති වු අතර අසාධ්‍ය තත්ත්වයෙන් මුදාගැනීමට අවශ්‍ය සියලු ප්‍රතිකාර සිදුකෙරන බව වතිකානය සදහන් කරයි.

සිය සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් සියලුම සත්‍ය තොරතුරු සිය ජනතාවට දැනුම් දෙන ලෙස උන් වහන්සේ සිය බලදාරීන්ට පවසා ඇති අතර ඒ අනුව වතිකානය වරින් වර නිවේදන නිකුත් කරයි.

මේ අතර සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් පාප් වහන්සේ ඉල්ලා අස්වීම පිළිබඳව වතිකානු නිලධාරීන් සහ නිරීක්ෂකයින් අතර සාකච්ඡා ආරම්භ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ෆ්‍රැන්සිස් හිමිපාණන්ගේ තනතුර මේ වනවිට තීරණාත්මක වන අතර බැතිමතුන් සමඟ සෘජු සන්නිවේදනය පවත්වාගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වුවහොත් ඉල්ලා අස්වීමට සලකා බැලිය හැකි බව කාදිනල් ජියන්ෆ්‍රැන්කෝ රවාසි පවසයි.

Loading

Tell me 💬
Notify of
guest
1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.