විදුලි ඇමති සමාව ඉල්ලයි.!

බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා නිවේදනයක් නිකුත්කරමින් පවසන්නේ අද පෙරවරුවේ පානදුර විදුලි උපපොළේ සිදු වූ හදිසි තත්ත්වයක් තුළින් මතු වූ අසමතුලිතතාවයක් මත දිවයින පුරාම විදුලිය ඇණහිටීමක් සිදුවූ බවයි.

වත්මන් ජාතික විදුලිබල පද්ධතියේ ක්‍රියාකාරීත්වය අනුව එවැනි හදිසි අවස්ථාවකදී සමතුලිතතාවය පවත්වාගෙනයාමට හැකිවන පරිදි කිසිදු ක්‍රමවේදයක් නොපවතින බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි.

ඔහු වැඩිදුරටත් පවසන්නේ එම තත්වයට හේතු පාදක වූ කරුණු සොයා බලා ඉදිරියේදී එවැනි තත්වයන්ගෙන් මිදීමට අවශ්‍ය කටයුතු සිදුකිරීමට බලාපොරොත්තුවන බවයි.

මෙම තත්වය හේතුවෙන් අපහසුතාවට පත් ජනතාවට සිය කණගාටුව ප්‍රකාශකරන බවත් අමාත්‍යවරයාගේ නිවේදනයේ සඳහන්.

සම්පූර්ණ නිවේදනය,

“අද දින පෙරවරුවේ පානදුර විදුලි උපපොළේ සිදු වූ හදිසි තත්ත්වයක් තුළින් මතු වූ අසමතුලිතතාවයක් නිසා රටපුරා විදුලිය ඇණහිටීමක් සිදු වුණා.

ජතික විදුලි පද්ධතියේ ස්ථාවරභාවය පවත්වාගෙන යාම කෙරෙහි හොදින් සැළකිලිමත් නොවී අදූරදර්ශී ලෙස කටයුතු කළ පෙර රජයන්ගේ ක්‍රියා කළාපයත්, තාක්ෂණය පිළිබඳ වැටහීමක් නැති දුර්වල මගපෙන්වීමත් මේ තත්ත්වය උදාකරන්නට හේතු වූ බව මූලික විමර්ශනවලින් පෙනී යනවා.

කොහොම වුනත් මේ තත්ත්වයට හේතු වුණු කරුණු ගැඹුරින් විමසා බලා නැවත මෙවන් තත්වයක් උදා නොවීමට අවශ්‍යය පියවර ගන්නවා.

විදුලි බිඳවැටීම නිසා අපහසුතාවයට පත් වූ ජනතාවට කණගාටුව ප්‍රකාශ කරන අතරම විදුලිය පද්ධතිය යථා තත්ත්වයට පත් කරන්නට වෙහෙසුණු හා සහයෝගය දුන් සියළුදෙනාටමත් ස්තුතිවන්ත වෙනවා”

Loading

Tell me 💬
Notify of
guest
6 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.