අදත් විදුලි කප්පාදුවක්.!

අද (13) දිනයේත් පැයක කාලයක් විදුලි කප්පාදුවක් සිදුකරන බවත් එම විදුලි කප්පාදුව සිදුකරන වේලාව පසුව දැනුම්දෙන බව ලංකා විදුලිබල මණ්ඩලය සදහන් කරයි.

ඊයේ (12) දින පොහොය දිනයක් වීම හේතුවෙන් අඩු විදුලි ඉල්ලුම සපුරාලීමට ලංකා විදුලිබල මණ්ඩලයට හැකි වූ බැවින් විදුලි කප්පාදුවක් සිදුනොකිරීමට මණ්ඩලය පියවර ගනු ලැබීය.

නොරොච්චෝලේ බලාගාරයේ ජනන යන්ත්‍ර අක්‍රීයව පවතින අතර එහි නඩත්තු කටයුතු විදුලි ඉංජිනේරුවන් විසින් සිදුකෙරෙමින් පවතින බවත් හෙට (14) වන විට නොරොච්චෝලේ බලාගාරය ජාතික පද්ධතියට එක් කිරීමට හැකි වනු ඇති බවද ලංකා විදුලි බල මණ්ඩලය සදහන් කරයි.

ඒ අනුව අද දිනයේ වේලාවන් 4ක් යටතේ කාණ්ඩ 20කට අදාළව ලංකාව පුරා විදුලිය විසන්ධි කරනු ලබන බව ලංකා විදුලිබල මණ්ඩලය සදහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.