හෙට දිනයේ විදුලි කප්පාදුව ගැන දැනුම්දීමක්.!

විදුලි කප්පාදුව හෙට (13) දිනයේ සිදුකරනවාද, නැද්ද යන්න සම්බන්ධයෙන් හෙට දින උදෑසන ප්‍රකාශයක් සිදුකරන බව ලංකා විදුලිබල මණ්ඩලය සදහන් කරයි.

පසුගිය ඉරිදා දිනයේ දිවයින පුරා සිදු වූ හදිසි විදුලි බිඳවැටීම හේතුවෙන් නොරොච්චෝලේ බලාගාරය අක්‍රීය වු අතර මේ හේතුවෙන් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 300ක පමණ ප්‍රමාණයක් අහිමි විය.

කෙසේ වෙතත් මේ වනවිට නොරොච්චෝලේ බලාගාරය යථා තත්ත්වයට පත්කරමින් සිටින බැවින් විදුලි කප්පාදුව පිළිබඳ අවසන් තීරණයක් ගන්නා බව ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරතන සදහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest
1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.