ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිය කන්නලව්වක.!

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් වී වසර 15ක් සපිරීම නිමිත්තෙන් පාංශුකූලය අහිමි මිනිසුන් වෙනුවෙන් යුක්තිය ඉටු කරන ලෙස ඉල්ලමින් සන්ධ්‍යා එක්නැලිගොඩ නවගමුව පත්තිනි දේවාලයේ ඊයේ (24) දේව කන්නලව්වක් පැවැත්වූවාය.

මාධ්‍යවේදී ප්‍රගීත් එන්නැලිගොඩ ඇතුළු මිනිසුන් වෙනුවෙන් “කන්නගී පූජාව සමගින් අධිෂ්ඨාන පූජාව” ලෙස මෙම වැඩසටහන නම් කර තිබුණේය.

පසුගිය 2010 ජනවාරි (24) වනදා කොළඹ තදාසන්න ප්‍රදේශයකදී පැහැරගෙන යන ලද ප්‍රගීත් එක්නැලිගොඩ පිළිබඳව මෙතෙක් අධිකරණයක් හමුවේ සත්‍යය අනාවරණය කර යුක්තිය තහවුරු කර නොමැත.

ජන මාධ්‍ය මර්දනය සහ අපරාධ මුක්තිය පිළිබඳ සංකේතයක් වශයෙන් ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ ඉරණම අදටත් කවුරුත් දන්නා ප්‍රසිද්ධ රහසක් වශයෙන් යටගසා ඇත.

Loading

Tell me 💬
Notify of
guest
4 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.