By unusuma.lk on
(LK time)2025 වසර සදහා වන විසර්ජන පනත් කෙටුම්පත (අයවැය) හෙට (17) දින මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
හෙට (17) දින උදෑසන 10.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර ජනාධිපති අනුර කුමාර දිසානායක ජනාධිපති ධූරයට පත්වීමෙන් අනතුරුව ඉදිරිපත් කරන පළමු අයවැය මෙයයි.
අයවැය දෙවැනිවර කියවීමේ විවාදය පෙබරවාරි (18) සිට (25) දක්වා දින 7ක් පැවැත්වීමට නියමිත අතර අනතුරුව පෙබරවාරි (25) වැනිදා ප.ව 6.00ට අයවැය දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතව ඇත.
අයවැයට අදාළ කාරක සභා අවස්ථාවේ විවාදය පෙබරවාරි (27) සිට මාර්තු (21) දින දක්වා සෙනසුරාදා දින 4ක් ඇතුළුව දින 19ක් පැවැත්වීමට නියමිතව ඇති අතර අනතුරුව අයවැය තෙවනවර කියවීමේ ඡන්ද විමසීම මාර්තු (21) වැනිදා ප.ව 6.00ට පැවැත්වේ.
අයවැය කාලසීමාව තුළ සෑම දිනයකම පෙ.ව 9.30 පෙ.ව 10.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න 5ක් සදහා වෙන් කර ඇති අතර පෙ.ව 10.00 සිට ප.ව 6.00 දක්වා කාල සීමාව තුළ අයවැය විවාදය පැවැත්වේ.
ඡන්ද විමසීම් පැවැත්වෙන පෙබරවාරි (25) සහ මාර්තු (21) දෙදින හැර අනෙකුත් සෑම දිනකම ප.ව 6.00 සිට ප.ව 6.30 දක්වා කාලය සභාව කල්තබන අවස්ථාවේ යෝජනා සදහා වෙන් කර ඇත.