By unusuma.lk on
(LK time)හිටපු පාලකයින් නොකරපු දෙයක් එළඹෙන පෙබරවාරි මස (07) වැනිදා ක්‍රියාත්මක කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක සදහන් කරයි.
ඒ අනුව විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන්ට අවශ්‍ය ලියකියවිලි තානාපති කාර්යාලයෙන්ම ලබාගැනිමට පුළුවන් විදිහට ‘ඩිජිටල්කරණයකට’ භාජනය කරන බවද ජනාධිපතිවරයා සදහන් කරයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක සදහන් කළේ
“මේවා ලෝකේ රටවල් මීට ගොඩක් කලින් කරපු දේවල්.. අපේ පාලකයෝ නොකර හිටපු දේවල්.. එනිසා ඒක කාර්යක්ෂම කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම පිටරට ඉන්න ශ්‍රී ලාංකිකයන්ට, තමන්ට උප්පැන්න සහතිකයක් ඕන වුනොත්, පවුලේ මොකක්හරි මරණ සහතිකයක් ඕන වුනොත්, ඒ කිසි ලියවිල්ලක් ගන්න බෑ.
ඒ පාර්සලය ගහලා තනාපති කාර්යාලයට ගිහිල්ලා ඒ පාර්සලය ගැට ගහලා ගුවන් යානයකින් මෙහෙට එවලා, මෙහෙන් නැවත ගෙනියන්න ඕන. අපි ඒවා ඔක්කොම ඒ තානාපති කාර්යාලයෙන්ම කරගන්න පුළුවන් විදිහට ‘ඩිජිටල්කරණයකට’ භාජනය කරනවා මේ පෙබරවාරි මස (07) වැනිදා. එතනින් නතර නොවී අපි මේ ඩිජිටල්කරණයේ විශාල පියවරක් ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙනවා.”
කුරුණෑගල පැවති සුහද හමුවට එක්වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව සදහන් කරයි.