By unusuma.lk on
(LK time)ජර්මානු ජනාධිපති ෆෑන්ක් වෝල්ටර්ගේ ආරාධනාවකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක ජර්මනියේ තෙදින නිල සංචාරයක නිරතවීම සඳහා අද (10) දින රාත්‍රියේ දිවයිනෙන් පිටත්ව ගියේය.
ඒ අනුව හෙට (11) දින සිට ජුනි (13) දක්වා සිදුකරන සිය සංචාරයේදී ජනාධිපතිවරයා, ජර්මානු ජනාධිපතිවරයා, ෆෙඩරල් රජයේ ප්‍රධාන අමාත්‍යවරුන් සහ අනෙකුත් ඉහළ පෙළේ නියෝජිතයන් හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡාවල නිරතවනු ඇත.
ජනාධිපති අනුර කුමාර දිසානායක සමග විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා ද මෙම සංචාරය සඳහා එක්ව සිටියි.