ජනාධිපති කාර්යාලයෙන් CIDයට පැමිණිල්ලක්.!

ජනාධිපති කාර්යාලය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර ඇත.

ජනාධිපති සමාව නොලැබූ සිරකරුවෙකු නිදහස් කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙසට පැමිණිල්ලක් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් පරීක්ෂා කර වගකිව යුත්තන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට ඉදිරියේදී කටයුතු කරන බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

වෙසක් උත්සවය නිමිත්තෙන් ජනාධිපති සමාව යටතේ අනුරාධපුර බන්ධනාගාරයේ රැදවියෙකු නිදහස් කර ඇති බවටත් එම සිදුවීම පිටුපස බරපතල අක්‍රමිකතාවක් සිදුව ඇති බවටත් පළවෙමින් ඇති පුවත් පිළිබඳ ජනාධිපති කාර්යාලයේ විශේෂ අවධානය යොමු වී ඇති බව එම නිවේදනයේ සඳහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments