‍රේගු දැලෙන් ඉස්සෝ පනී.!

වරාය භාණ්ඩ ලංසුකරුවෝ පවසන්නේ වරායෙන් නිදහස්කර නොගත් සත්ව ආහාර ලෙස විකිණිමට තිබූ රුපියල් කෝටි 5කට ආසන්න වටිනාකමින් යුත් ඉස්සන් අඩංගු කන්ටේනර් දෙකක් විනාශ කිරීමට රැගෙනයන මුවාවෙන් වරායෙන් නිදහස් කරගෙන විවෘත වෙළෙදපොළේ අළෙවි කිරීමේ උත්සහයක් පවතින බවයි.

වරාය අධිකාරිය ලබන පෙබරවාරි 28 වැනිදා පැවැත්වීමට නියමිත වෙන්දේසියට මෙම ඉස්සෝ කන්ටේනර් දෙක ලැයිස්තු ගතකර නොමැති බව ඔවුන් පවසති.

ඇමෙරිකාවෙන් ආනයනය කළ මෙම කන්ටේනර් දෙකේ ඉස්සෝ කිලෝග්‍රෑම් 50,000 ක් පමණ අඩංගු බව පැවසෙන අතර මෙම ඉස්සන් අඩංගු කන්ටේනර් දෙක වරායෙන් නිදහස් කරගැනීමට වරාය අධිකාරියේ උසස් නිලධාරියෙක් සහ ශ්‍රී ලංකා රේගුවේ රේගු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්  කීපදෙනකුගේ සහය ලැබී ඇති බවත් පැවසේ.

මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර ද්‍රව්‍ය සත්ව ආහාර ලෙස හෝ වෙන්දේසි නොකර විනාශකරන මුවාවෙන් වරායෙන් රැගෙනයෑමෙන් රජයට අයවියයුතු විශාල බදු මුදලක් අහිමිවන බව වරාය භාණ්ඩ ලංසුකරුවෝ පවසති.

ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ සෞඛ්‍ය අමාත්‍යංශයේ අධීක්ෂණයක් නොමැතිව මෙවැනි ආහාර වෙලෙදපොළට නිකුත්වීම ජනතාවගේ සෞඛ්‍යයට දැඩි හානිකයක් වියහැකි බවයි.

-Lankadeepa-

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.