By unusuma.lk on
(LK time)ජනාධිපති ආරක්ෂක ඒකකයට අයත් සුඛෝපභෝගී ජීප් රථයකින් පුපුරණ ද්‍රව්‍ය ප්‍රවාහනය කළ ජනාධිපති ආරක්ෂක අංශයේ සේවය කරන ගුවන් හමුදා කෝප්රල්වරයෙකු ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මඩකලපුව, වෙල්ලාවලි පොලිස් වසමට අයත් පලෙයියාඩිවත්ත ප්‍රදේශයේ මුර සංචාරයේ යෙදී සිටි පොලිස් නිලධාරින් පිරිසක් විසින් සිදුකල පරීක්ෂාවකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
අදාළ ජීප් රථයේ තිබී පුපුරණ ද්‍රව්‍ය, වයර් සහ දියර වර්ගයක් අඩංගු බෝතල් තුනක් පොලිස් භාරයට ගෙන ඇති අතර එම පුපුරණ ද්‍රව්‍ය තොගය ප්රවාහණය කළේ කුමන කටයුත්තක් සඳහාද යන්න හඳුනා ගැනීම සඳහා පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.