බූරුවා ගැසූ ජනතා මුදල් නැවත අය කර ගැනීමට තීරණයක්.!

පසුගිය වසර කිහිපය තුළ විවිධ වූ කරුණු සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභා 14ක් විසින් නිෂ්ඵල ආකාරයෙන් වියදම් කර ඇති ජනතා මුදල් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කිරීමට රජය තීරණය කර ඇත.

එලෙස පත්කර තිබූ ජනාධිපති කොමිෂන් සභා අතරින් නිර්දේශ ක්‍රියාත්මක කර ඇත්තේ කොමිෂන් සභා දෙකක පමණක් බවත් රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

එලෙස විමර්ශන පවත්වා එම කොමිෂන් සභා සාමාජිකයන්ගෙන් හෝ එවකට රජයන්හි ප්‍රධානීන්ගෙන් එම මුදල් අය කර ගැනීම කෙරෙහි රජයේ විශේෂ අවධානය යොමු වී ඇත.

මේ අතර උපාලි අබේරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් යුතුව පිහිටවනු ලැබූ ජනාධිපති කොමිෂන් සභාව මේ රටේ ජනතාවගේ මුදල් රුපියල් තුන් කෝටි පනස් ලක්ෂයකට වැඩි මුදලක් කාබාසිනියා කළ බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය.

මේ මුදල් එම කොමිෂන් සභාව පිහිටවනු ලැබූ ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් හෝ උපාලි අබේරත්න ඇතුළු කොමිෂන් සභා සාමාජිකයන් තිදෙනාගෙන් අයකර ගත යුතු බවද ඔහු සඳහන් කළේය.

උපාලි අබේරත්න කොමිෂන් සභාවේ නිර්දේශ සියල්ල නීති විරෝධී බව පවසමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඒ නිර්දේශ සියල්ල පසුව අහෝසි කළ බව විජේපාල මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Loading

Tell me 💬
Notify of
guest
2 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.