By unusuma.lk on
(LK time)කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය බාලපටබැඳි සහ සිවිල් අභියාචනාධිකරණ විනිසුරු ෆ්‍රෑන්ක් ගුණවර්ධන යන මහත්වරුන් අභියාචනාධිකරණ විනිසුරුවරුන් ලෙස පත් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් යොජනා කර ඇත.
එම නම් සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමැතියද හිමිව ඇති අතර ඊට එරෙහිව විරෝධතා මතු නොවූ බව වාර්තා වෙයි.
මීට පෙර අභියාචනාධිකරණයේ පුරප්පාඩු හතරක් පැවති අතර, එම පුරප්පාඩු අතරින් තුනක් මාර්තු 11 වැනිදා සම්පූර්ණ කරනු ලැබුවා. විනිසුරුවරුන් වන ඩබ්ලිව්.කේ. සුමුදු ප්‍රේමචන්ද්‍ර. කේ. ප්‍රියන්ත ප්‍රනාන්දු, ඒ. ප්‍රේමශංකර් යන විනිසුරුවරුන් එදින පත්වීම් ලැබුහ.
එම තිදෙනාගේම නම් අගවිනිසුරුවරිය විසින් පෙබරවාරි මාසයේදී නිර්දේශ කර තිබුණා. කෙසේ වෙතත්, ඉහත නම් තුනට අමතරව ප්‍රෑන්ක් ගුණවර්ධන මහතාගේ නමද පෙබරවාරි මාසයේදී අභියාචනාධිකරණය උදෙසා නිර්දේශ කර තිබුණි.
එම අවස්ථාවේ අභියාචනාධිකරණයට පත් කිරීම වෙනුවෙන් නීතිපතිවරයා විසින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මාලි කරුණානායක සහ සුදර්ශන සිල්වාගේ නම් යෝජනා කර තිබුණද එම දෙදෙනාව පත් නොකිරීම විශේෂත්වයක් විය.