ජනාධිපති අරමුදලට තවත් සුද්දයක් දීලා.. අගමැතිත් ලැයිස්තුවේ.!

ජනාධිපති අරමුදලින් ආපසු ගෙවීමේ පදනම මත කෝටි ගනනින් ණය ලබාගෙන එම ණය ගෙවීම අතහැර දැමූ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන් පිරිසකට පොදු දේපල පනත යටතේ නඩු පැවරීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වෙයි.

මෙලෙස ජනාධිපති අරමුදලින් ණය ලබාගෙන ඒවා නොපියවූ පිරිස අතර හිටපු අගමැතිවරයෙක් සහ හිටපු ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරු ගණනාවක් සිටිනා බව වාර්තා වෙයි.

හිටපු අගමැතිවරයෙකු වෙනුවෙන් පමණක් එලෙස ජනාධිපති අරමුදලින් ලබා දී ඇති අරමුදල් ප්‍රමාණය රුපියල් ලක්ෂ 290 ක් බව සඳහන්.

තවත් ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 130 ක් මෙලෙස පියවීමේ පදනම යටතේ අරමුදල් සම්පාදනය කර දී ඇත.

මෙලෙස නැවත පියවීමේ පදනම යටතේ ජනාධිපති අරමුදලින් මුදල් ලබාගෙන එම අරමුදල් මෙතෙක් නිසි ලෙස පියවා ඇත්තේ හිටපු අමාත්‍යවරයකු වන ලක්ෂ්මන් ජයකොඩි මහතා පමණක් බවද වාර්තා වෙයි.

ඔහුට ජනාධිපති අරමුදලින් නැවත පියවීමේ පදනම යටතේ ලබාදුන් මුදල වන රුපියල් ලක්ෂ 6 ක මුදල නිසි ලෙස පියවා ඇතැයි වාර්තා වේ.

Loading

Tell me 💬
Notify of
guest
6 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.