By unusuma.lk on
(LK time)ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සියලුම මැති ඇමතිවරුන්ට උපදෙස් දී ඇත්තේ දුරකතන ඇමතුම්වලට හැකි සෑම අවස්ථාවකම ප්‍රතිචාර දක්වන ලෙසයි.
ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ජනාධිපතිවරයා මේ දැනුම් දීම කර ඇතැයි වාර්තාවේ.
ජනතාව සහ ඇතැම් මාධ්‍යවේදීන් තම දුරකතන ඇමතුම් වලට මැති ඇමතිවෞන් ප්‍රතිචාර නොදක්වන බවට චෝදනා එල්ල කර ඇති පසුබිමක ජනපතිවරයා මෙම දැනුම්දීම කර තිබේ.
ජනතාවගේ දුරකතන ඇමතුම් වලට සවන් දී ඔවුන්ගේ ප්‍රශ්න ගැටලු කඩිනමින් විසඳීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න ලෙසද ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් උපදෙස් ලබාදී තිබේ.