By unusuma.lk on
(LK time)අද (19) පස්වරුවේ කළුතර ප්‍රදේශයේ විශේෂ ජන හමුවක් අමතමින් ජනපති අනුර කුමාර දිසානායක මහතා පැවසූවේ ආණ්ඩුව මේ වනවිට පැවති ගැටළුකාරී තත්වයන් සමනය කරගනිමින් ස්ථාවර වෙමින් පවතින බවයි.
එහිදී වත්මන් ආණ්ඩුව බලයට පත්වී ඉතාමත් කෙටි කාළයක් තුල ජයග්‍රහණය කළ අභියෝග සහ දේශපාලන සංස්තිය තුළ සිදුකර ඇති වෙනස්කම් පිළිබඳ කෙටි සමාලෝචනයක් සිදුකළ ජනපතිවරයා පසුගිය ජනපතිවරුන් විසින් විධායක බලතල උපයෝගී කරගනිමින් සිදුකළ විනාශකාරී වියදම් පිළිබඳවද කරුණු හෙළි කලේය.
එහිදී අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක මහතා,
“එක ජනාධිපතිවරයෙකුට ආරක්ෂාව සඳහා වසරකට වියදම් කරල තියෙනව මිලියන 700ක්.. පොලීසිය හමුදාව සෙ.ටී.එෆ් ඔක්කොම අයින් කරා.. දැන් 60යි.. 60 තියාගෙන ඉන්න මහත්තයෝ තව කෙඳිරි ගෑවොත් 6ඔත් අයින් කරනවා.
මම මේ ලඟදී මහින්ද රාජපක්ෂ මහත්මයාගේ නිවස තක්සේරු දෙපාර්තමේන්තුවෙන් යවලා තක්සේරු කළා.. ඉඩම නැතුව නිවසේ මාසික කුළී තක්සේරුව පමණක් ලක්ෂ 46යි. පනතේ තියෙනවා හිටපු ජනපතිවරුන්ට එක්කෝ නිවසක් හිමියි.. නැත්තම් පඩියෙන් 1/3ක දීමනාවක් හිමියි.. අපි රුපියල් 30,000ක් ගෙවලා ගේ ගන්නවා.. එහෙම නැත්තම් ඉතිරි මුදල මාසිකව ගෙවලා ගෙදර ඉන්න පුලුවන්.. කුලිය නැත්තම් එළියට..”