By unusuma.lk on
(LK time)ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහන 29ක් අස්ථානගත වීම සම්බන්ධව විමර්ශනයක් කෙරෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහෙස්ත‍්‍රාත් අධිකරණයට බී වාර්තාවක් ඉදිරිපත් කරමින් දැනුම් දී ඇත.
මේ සම්බන්ධයෙන් අතිරේක ලේකම්වරයකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවත් අදාළ වාහන 29යෙන් 16ක් අවසන් වරට භාවිත කළ පුද්ගලයන්ගේ විස්තර තිබෙන බවත් දැනුම් දුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉන් වාහන 13ක් සම්බන්ධයෙන් කිසිම තොරතුරක් සොයා ගත නොහැකි බවද දන්වා සිටියේය.
ජනාධිපති ලේකම්වරයා කළ පැමිණිල්ලකට අදාළව විමර්ශන කරන බවත් මෝසමක් ගොනු කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ බව අධිකරණයට දන්වා සිටියේය.
විමර්ශනයට අදාළව පළාත් නමය තුළ ඇති පළාත් පාලන ආයතනවලින් මෙම වාහන සම්බන්ධයෙන් ලිපි ගනුදෙනු සිදුවී තිබේද යන්න පිළිබඳව තොරතුරු විමසා ඇතැයිද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.
ඒ අනුව විමර්ශන කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළ කොටුව මහෙස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය විමර්ශන වලට අදාළ ප්‍රගතිය දැනුම් දීම සදහා මාර්තු (12) වැනිදා නඩුව යළි කැඳවන ලෙසත් නියෝග කළාය.