By unusuma.lk on
(LK time)හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද සහ ප්‍රතිලාභ කපා හැරීමට ඇති හැකියාව පිළිබඳ සොයා බැලීමට ජනාධිපතිවරයා විසින් පත්කළ කමිටුවේ නිරීක්ෂණයන්ට අනුව ඊට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව බාධාවක් වන බව හඳුනාගෙන ඇතැයි ආරංචි මාර්ග පවසයි.
ජනධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් රජයේ වියදම් සීමා කිරීම අරමුණු කරගනිමින් සිය මැතිවරණ ව්‍යාපාරය අතරතුර ලබාදුන් පොරොන්දුවක් පරිදි හිටපු මන්ත්‍රීවරුන්ට සහ ජනාධිපතිවරුන්ට ලබාදී ඇති වරප්‍රසාද සහ ප්‍රතිලාභ කප්පාදු කිරීම සඳහා ඇති හැකියාව සොයා බැලීමට කමිටුවක් පත් කළේය.
ඒ අනුව එම කමිටුව විසින් සිදුකළ නිරීක්ෂණයන්ගෙන් පසු හිටපු ජනාධිපතිවරුන්ට ලබාදී ඇති විශ්‍රාම වැටුප ඇතුළු ප්‍රතිලාභ කීපයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකින් තොරව කපා හැරීමට හෝ අහෝසි කිරීමට නොහැකි බව හඳුනාගෙන ඇත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 36(2) උප වගන්තිය යටතේ ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු එම ධූර දරන තැනැත්තාට පාර්ලිමේන්තුව විසින් තීරණය කරනු ලබන වැටුප් හා දීමනා සහ ඉන් අනතුරුව විශ්‍රාම වැටුපක් ලැබීමට හිමිකම් ඇත්තේය.
පසුව මෙම ව්‍යවස්ථාවට කරනු ලබන සංශෝධනයක්, මෙම ව්‍යවස්ථාව පරිච්චින්න කිරීමක් නැතහොත් ප්‍රතියෝජනය කිරීමක් සහ මෙම ව්‍යවස්ථාවට අනනුකූලවන පසුව පනවනු ලැබූ යම් නීතියක් හෝ ඒ නීතියක යම් විධිවිධානයක් අතීතයට බලනොපාන බවද එහි දැක්වේ.