අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ අනෙකුත් ප්‍රසිද්ධ ශ්‍රී ලාංකික පුද්ගලයින්ගේ නම් භාවිත කරමින් ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් ඇතුළු සමාජ මාධ්‍ය තුළ ප්‍රවර්ධනය කරමින් තිබෙන වංචනික “ක්‍රිප්ටෝ” මුදල් ව්‍යාපාර පිලිබඳ දැන්වීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලය විශේෂ නිවේදනයක් යොමුකර ඇත.
අග්‍රාමාත්‍ය කාර්යාලය විශේෂ නිවේදනයක් යොමුකරමින් සදහන් කළේ, අගමැතිනිය ඇතුළු මෙරට ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ නම් භාවිත කර, සමාජ මාධ්‍යයේ පළව ඇතැයි කියන “ක්‍රිප්ටෝ” මුදල් ව්‍යාපාර පිළිබඳ දැන්වීම් අසත්‍ය සහ වංචනික ඒවා බවයි.
ලිතුවේනියාවේ සිට ක්‍රියාත්මක කරන මෙම වංචනික ගිණුම් මගින් සිදු කරන මෙම වංචනික දැන්වීම් සහ ප්‍රවර්ධනයන් ශ්‍රී ලංකාවේ ෆේස්බුක් භාවිතා කරන්නන් ඉලක්ක කරමින් සක්‍රියව ක්‍රියාත්මක වෙමින් තිබෙන බවද අග්‍රාමාත්‍ය කාර්යාලය සිය නිවේදනයෙන් සදහන් කරයි.
විශේෂයෙන් ප්‍රසිද්ධ පුද්ගලයින් පිළිබඳ ජනතාව තුළ ඇති සුහදතාව පළුදු කරමින් මහජනතාව නොමඟ යවා ප්‍රසිද්ධ පුද්ගලයින් කෙරෙහි ඇති විශ්වාසය බිඳ දැමීම මෙම දැන්වීම් වල ප්‍රධාන අරමුණ බවද අග්‍රාමාත්‍ය කාර්යාලය සිය නිවේදනයෙන් සදහන් කරයි.
රජයේ නිලධාරීන් සහ ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ අනුමැතිය ඇතැයි අසත්‍ය ලෙස ප්‍රකාශ කරන මෙම “ක්‍රිප්ටෝ” මුදල් ආයෝජන ප්‍රවර්ධනය කරන ඔන්ලයින් දැන්වීම් වලින් ප්‍රවේශම්වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියි.