By unusuma.lk on
(LK time)සිය දිවි නසා ගත් කොළඹ කොටහේන ප්‍රදේශයේ සිසුවිය දහය ශ්‍රේණියේදී අධ්‍යාපනය ලැබූ බම්බලපිටිය රාමනාදන් හින්දු විදුහලේ විදුහල්පතිනිය අධ්‍යාපන අමාත්‍යාංශයට මාරු කර ඇති බව වාර්තා වේ.
අදාළ විදුහල්පති ධුරයේ වැඩ බැලීම සඳහා අමාත්‍යාංශයේ නිලධාරිනියක් පත් කර ඇති බවද සඳහන්.
විදුහල්පතිනිය අමාත්‍යාංශයට මාරු කර ඇත්තේ එම පාසලේදී ගුරුවරයකුගෙන් දැරිය පසුගිය වසරේදී අපයෝජනයට ලක් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණ මතය.
පරීක්ෂණ සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇති අතර එම ගුරුවරයා ද මේ වන විට අනිවාර්ය නිවාඩු යවා ඇත.