හොර වැඩ මාට්ටු.. උඩ ගියපු බන්ධනාගාර ලොක්කෝ බිමට බස්සයි.!

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සියලු බන්ධනාගාර ප්‍රධානීන්ගේ වත්කම් සම්බන්ධයෙන් මේ වනවිට විමර්ශන ආරම්භ කර ඇත.

මේ අනුව සියලු බන්ධනාගාර ප්‍රධානීන්ගේ බැංකු ගිණුම් යාන වාහන ඉඩකඩම් ඇතුළු සියලුම දේපළ සම්බන්ධයෙන් අධිකරණ නියෝග මත පූර්ණ විමර්ශනයක් කරයි.

බන්ධනාගාර ප්‍රධානීන් රජයට ඉදිරිපත් කළ ආදායම් වාර්තා (වත්කම් බැරකම් ප්‍රකාශ), දේපළවලට වඩා වැඩි දේපළක් ඔවුන් සන්තකයේ තිබේ නම්, ඒවා උපයා ගත් ආකාරය ගැන ඔවුනට ඉදිරියේදී අධිකරණයට කරුණු දැක්වීමට සිදුවේ.

තවද බන්ධනාගාර ප්‍රධානීන්ගේ වත්කම් සොයා බැලෙන අතර පාතාලය සමඟ ගනුදෙනු පවත්වා ඔවුන්ගෙන් වාසි වරදාන ලබාගන්නා බන්ධනාගාර නිලධාරීන් සම්බන්ධයෙන්ද සොයා බලයි.

විවිධ පුද්ගලයන්ගෙන් සහ සිවිල් සංවිධාන වලින් ලැබී ඇති පැමිණිලි අනුව මෙම විමර්ශන ආරම්භ කර ඇත.

Loading

Tell me 💬
Notify of
guest
1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments