By unusuma.lk on
(LK time)ජනපති සමාව ලබා වෙසක් දිනයේ නිදහස් වූ බව කියනා රැඳවියෙකු සම්බන්ධව බන්ධනාගාර දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ.
අදාළ සිදුවීම සම්බන්ධයෙන් ජාතික පුවත්පත් කිහිපයක් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේද යම් තොරතුරු වාර්තා වී තිබුනි.
ඒ සම්බන්ධයෙන් පා.ම අජිත් පී.පෙරේරා මහතාද ඊයේ (6) පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වීය.
කෙසේවෙතත් අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය මගින් බන්ධනාගාර ගත කළ අතුල තිලකරත්න යන මෙම සිරකරු සිරගත කර ඇත්තේ ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 386 වගන්තිය උල්ලංඝනය කිරීම හේතුවෙන් වන අතර ගෙවීමට ඇති මුදල වන රුපියල් ලක්ෂ 20ක වන්දි මුදල දඩයක් ලෙස ගෙවන ලෙස අධිකරණය නියම කර ඇති බව එම නිවේදනයේ සඳහන්.
එමෙන්ම එම දඩය නොගෙවන්නේ නම් මාසය 06ක බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම කිරීමට මහෙස්ත්‍රාත් අධිකරණය පියවර ගෙන ඇති බවත් එහි සඳහන්.
කෙසේවෙතත් මෙම සමාව කිසිසේත් උක්ත පුද්ගලයා කේන්ද්‍රකර සිදු කරන ලද්දක් නොවන අතර පොදුවේ සිරකරුවන් උදෙසා පිරිනැමූවක් පමණක් බවත් බන්ධනාගාර දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.
පසුගිය මැයි මස 12 වැනි දිනට යෙදී තිබූ වෙසක් පොහොය දිනය නිමිත්තෙන් 05 වැනි දින වන විට බන්ධනාගාරතව සිටින රැඳවියන් සඳහා වෙසක් පොදු සමාව පිරිනැමීම කොන්දේසිවලට යටත් බවත් බන්ධනාගාර දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ව තිබේ.