“මේ ක්‍රමය හරියන්නේ නෑ.. වහාම වෙනස් කරනවා” වැඩ බලන පොලිස්පතිගෙන් තීරණයක්.!

අද (19) පෙරවරුවේ අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ අංක 5 මහෙස්ත්‍රාත් අධිකරණ මැදිරිය තුළදී ගනේමුල්ල සංජීව වෙඩි තබා ඝාතනය කිරීමෙන් අනතුරුව එම ස්ථානයට පැමිණි වත්මන් වැඩ බලන පොලිස්පති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ නීතිඥවරුන් අධිකරණය තුළදී පරීක්ෂාවට ලක් නොවනා බැවින් පැහැදිලි වශයෙන්ම ඕනෑ අයෙකුට නීතිඥවරු ආකාරයෙන් අධිකරණය තුළට පැමිනීමේ හැකියාවක් පවතින බවයි.

ඒ අනුව ඉදිරියේදී සියළුම නීතිඥවරු පරීක්ෂා කිරීමට කටයුතු කරනා බවත් ඒ සම්බන්ධයෙන් සහයෝගය ලබාදෙන ලෙසට තමා නීතිඥ සංගමයෙන් ඉල්ලා සිටින බවත් වැඩ බලන පොලිස්පතිවරයා සඳහන් කළේය.

එමෙන්ම අධිකරණ මැදිරි තුලට අවි සහිත පොලිස් සහ එස්.ටී.එෆ් නිලධාරීන් යෙදවීමටත් තීරණය කළ බවත් ඒ අනුව කඩිනමින් අවශ්‍ය ආයතනවලින් එම අනුමැතීන් ලබාගැනීමට කටයුතු කරනා බවත් ප්‍රියන්ත විජේසූරිය මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Loading

Tell me 💬
Notify of
guest
3 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.